Saturday, 29 January 2022

ගොලු වූ වදන්

 


ජීවිත ගමන තුළ

හමුවේවි බොහෝ අය

නාඳුනන ඔබේ හමුවීම ද

අහඹුවකි දිනක සිදු වුණ....

ඉන්පසු කිසි දිනක

හමු නොවූවත් නුඹ

එදා ළංව මා වෙතට

කොඳුළ වදන් පෙළ

මාගේ දෙකන් තුළ

රැව් දේවි විටින් විට....

දහසක් සිතුවිලි ඇතත්

මා සිත තුළ

කියා ගත නොහැකිව

මුව ගොලු වී බලා සිටිමි

තවමත් මම....

1 comment:

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...