Monday, 10 January 2022

වැලි කැටය

 


මා ගෙවන්නේ ඒකාකාරී ජීවන රටාවකි...
වැසි දියෙන් නැහැවෙමි
හිරු එළියෙන් බැට කමි
ඒ විතරක් ද,
නිරන්තරයෙන් එහෙ මෙහෙ දුවන
වාහනවල
සතා සිවුපාවන්ගේ
මිනිසාගේ
පයට පෑගෙමි
එවිට මගේ වේදනාව තේරුම් ගෙන
මා වැළඳ ගන්නේ 
මිහිකත් මාතාව පමණි
ඒ සෙනෙහසට මා
තව තවත් 
තුරුළු වෙමි
අනේ... ඉදිරියේදීවත්...
නෑ නෑ
එය මගේ ඉරණමයි
එය මට ජීවිතය පුරාවට 
උරුම වූවකි.











විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...