මාව නළවා කුඩා කල සිට
දුවෙක් වාගේ මාව හැදුවා
ඕනෑ එපාකම් සොයලා බලලා
අම්මා වාගේ ළඟින් හිටියා
ඇගේ වැඩ ටික පසෙක දමලා
මගේ ගමනට දිරිය දුන්නා
මගේ දිනුමෙදි මටත් වැඩියෙන්
සතුටු කඳුලක් බිමට හෙලුවා
ඉඳලා හිටලා කුඩා දෙයටත්
රණ්ඩු සරුවල් වුණා කියලා
මාව අතහැර දමා ගියෙ නැත
සෙවනැල්ලකි මට
මගේ අක්කා
මගේ පසුපස ශක්තියක් වී
නිරන්තරයෙන් රැඳී සිටිනා
මගේ ලෝකෙට නැතිව බහැ මට
නුඹයි මාගේ දෙවැනි අම්මා
❤️❤️❤️❤️
ReplyDelete❤️😘
ReplyDelete