Friday, 26 August 2022

නොලියවෙන කවි

 


රටා ගොතමින් දිළෙන තරු වැල්

පිරිවරාගෙන,

උජාරුවට දිළිසෙන

සඳට,

පෙම් බැන්දත්,

කවීන්.....

තරුත් අකමැති වේ ද,

තමන්ටත්,

ලියවෙනවාට,

කවි.....

සොයා පද වැල්

එකට අමුණන

කවීන් අතරට,

වී.....

තරුත් නො දනී

තරුවටත් පෙම්,

බඳින

කවියන්

සිටී.....

No comments:

Post a Comment

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...