විසි එක් වසරක් පුරාවට
ජීවිත අත්දැකීම් ගොන්නට
එක් වූ නවමු මතකයකි
සබරෙ වසන්තය...
සොයුරු පෙමින් බැඳුණ
මුවගට සිනා කැන්දන
හැකියාවන් ඔප් නංවන
සුන්දර නවාතැන්පළ...
ජීවිතය දකින්නට
ජීවිතය දිනන්නට
සීතලේ නිදිවරන
උණුසුම් දිගු රැයවල්
දෙවුර කළු ලෝගුවෙන්
සරසනා හීනයට
නොබිඳෙනා සෙනෙහසින්
එක් කරමු මතකයන්...

No comments:
Post a Comment