සිත දුවන හැම විටම
විවිධ සිතුවිලි අතර
සොයයි නුඹ කොතැනක ද
පෙරළමින් මතක පොත
සිහි වෙද්දි මතකයන්
එකින් එක
එකපෙළට
ගෙන ඒවි මුව අගට
සිනහවක් හීනියට
කිසිදිනෙක හමුනොවන
හිමි නොවන බැව් දැනම
පෙරළන්නෙ මතක පොත
තනිවෙන්න පිටු අතර...
ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...
No comments:
Post a Comment