කුඩා කළ සිට මාගේ බලාපොරොත්තුව වූයේ ගුරුවරියක් වීම යි. මාගේ පමණක් නොව මාගේ අම්මාගේ ආශාව වූයේ ද මා ගුරුවරියක්වනවා දැකීම ය.
"ගැහැණු ළමයෙකුට හොඳ ම රස්සාව තමයි ගුරුවරියක් වීම. නිදහස් රස්සාවක්නෙ... කවද හරි මගේ පුතා සාරියකුත් ඇඳලා ලස්සනට චූටි ටීචර් කෙනෙක් වෙලා ඉස්කෝලෙක අහිංසක ළමයි ටිකකගෙ ඇස් පාදන්න යනව දකින එක තමයි මගෙ ලොකු ම ආසාව... මගේ පුතාලා කාටත් බරක් නොවී හොඳ තැනක ඉන්නව දැක්කොත් මට ඒ ඇති. වෙන මොකුත් ඕනෙ නෑ... අපිට කන්න බොන්න නැතත් කමක් නෑ.... කොහොම හරි මගේ පුතාලට උගන්නන්න දඟලන්නෙ අපි අන්න ඒක්ටයි... හොඳින් ඉගෙනගනින් පුතේ... එතකොට උඹලට දුක් විඳින්න ඕනෙ නෑ... ඒ දිහා බලලා අපිටත් සතුටින් ඇස් දෙක පියාගන්න පුළුවන් එතකොට...."
මේ මාගේ අම්මා නිතර කියූ දෙබසකි. මා කුඩා කළ සිට අම්මා මෙසේ කියන්නේ ඇගේ දෙනෙතේ කඳුළු පුරෝගනිමිනි... ඒ දර්ශනය මගේ සිතේ තැන්පත් වී තිබේ... මා අද ගුරුවරියක් කළේ මේ වචන කිහිපයත් මගේ අම්මාගේත් අප්පච්චීගේත් දුක් මහන්සියත් ය.
...............................................................................
මා විශ්වවිද්‍යාල වරම් ලැබූ පුවත ඇසූ මාගේ දෙමාපියන් තුළ එදා හටගත් ඒ සතුට, එදින ඔවුන්ගේ හැසිරීම මට අදටත් මැවී පෙනේ...
"මගේ පුතාලට වරදින්නේ නෑ..."
එදා සතුටු කඳුළු වගුරවමින් අම්මාත් අප්පච්චීත් දෙදෙනා ම එක ම මොහොතේ මෙසේ කීවේ මාගේ නෙතට ද කඳුළක් ගෙන්වමිනි...
...............................................................................
මාගේ මව ඇඟලුම් කර්මාන්තයක සේවිකාවක් ලෙස සේවය කළා ය. අප්පච්චීගේ රැකියාව වූයේ රෝහලක ආරක්ෂක නිළධාරියෙකු ලෙස කටයුතු කිරීම යි.
No comments:
Post a Comment